Pages

අහපු මමද, කියපු ඇයද???




රෝස දෙතොල් තද කර සොඳුරියක් හරි පාලුවෙන් සිටී...
මුලු ලොවම පෙම් කරයි, දැකුමෙන් යෝජනා ගෙනෙයි... 
එහෙත් සොඳුරියේ ඔබ නිහඬව කවුරුන් හෝ එන මග බලන්... 
හේතුවක් ඇති නමුත් කවුරුත් අහන්නට බයෙන්... 

ඇය දැක අවුරුද්දක් ගෙවීලත් ගිහින්... 
සරසවියේ බොහෝ දෙනෙක් ජෝඩු වී ඉතින්... 
තාමත් ඇය නිහඬව මග බලන්ය පුරුදු ඇති ලෙසින්... 
හේතුවක් ඇති නමුත් කවුරුත් අහන්නට බයෙන්... 

මගේ පුංචි කඩය ඇය යන එන තැන නිසා හැම උදෙන්... 
ඇය මා හා හිනා උනේ හරියට යාලුවෝ ලෙසින්... 
දවසක් ඈ සමු ගත්තේ, සරසවිය නිම උනෙන්... 
සිනහ වෙවී මම උන්නේ යලි කවදා හෝ දකින අරමුණෙන්... 

කාලයත් ගිහින්, මගෙ හිතින් සොඳුරිය අරගෙනත් ගිහින්... 
මගේ පොඩි කඩෙත් දැන් සෑහෙන දියුණු වී ගිහින්... 
සරසවියේ අලුත් මුහුණු දහසක් අතරින්... 
මගෙ, ලොවම කැළඹුනේ හදිසියේ සොඳුරිය දැකුමෙන්... 

දිව්‍ය ලොවට මා කැඳවන ඇගේ නෙතු කැලුම්... 
තාමත් නිහඬව ඇත කවුරුන් හෝ එන මග බලන්... 
කාගෙ මග බලන්ද නොඅසා ඉන්නට බැරිම තැන ඉතින්... 
සොඳුරියගෙන් මා ප්‍රශ්න කලේ වීරයෙකු ලෙසින්...

සරසවියේ ඈ ගැන සිතු හැම සිත් අතරෙන්... 
ඈ සිට ඇත්තේ මා ගැනම මග බලන්... 
හීනයකින් වත් නොසිතූ ලෙස දුන්නු උත්තරෙන්... 
අහපු මමද, කියපු ඇයද ලොකුම, මෝඩ කම කලේ...

මට මගේ නොවන මගේම බ්ලොග් පිටුවක් තිබුනා...




මම අවුරුදු ගානක් පැල පැදියම් වෙලා හිටපු බ්ලොග් එක හරියට අපේ ගෙදර වගේ, පෝස්ට් ලිව්වත් එකයි නැතත් එකයි, ලියපු එක දෙකත් සෑහෙන වටිනවා. ඒ විතරක්ද, මොනදේ ලිව්වත් හිතට සතුටුයි. ඔහේ ලියපු ඒ කතාවක් දැකපු ප්‍රසිද්ධ බ්ලොග් එකකින් මට අදහස් එකතු කරන්න කියලා ඇරයුම් කලා... 

ඔහොම ඉන්නකොට වෙන බ්ලොග් එකකින් අදහස් එකතු කරන්න කියලා ආපු ඒ ආරාධනාව හරියට අර මෙලෝ රහක් නැතුව ගෙදරට වෙලා හිටපු මට ආපු මංගල යෝජනාවක් වගේ.

අලුත් අලුත් මොන දේ උනත් ආසාවෙන් බදා ගන්න අති දක්ෂ මම මේ ආරාධනාව පිලිගත්තේ මහ ඉහලින්... ඔන්න ඉතින් නිල වශයෙන් අලුත් බ්ලොග් එකේ වැඩ පටන් ගත්ත මාව පෙනුනේ හරියට අලුත ගෙනාපු මනමාලියක් වගේ...

මගේ බ්ලොග් පිටුවෙ ලියනවටත් වඩා පෝස්ට් අලුත් පිටුවෙ පබ්ලිෂ් කරද්දි පොඩි ලැජ්ජාවකුත් හිතට ආවේ, ගෙදර ඉන්දැද්දී කොස්සක්වත් අතින් අල්ලනෙ නැති මම අලුත් තැනකට ඇවිත් වැඩ කිඩ පෙන්වන්න හදන නිසා වෙන්න ඇති... 

කාලේ ගත වෙන්න ගත වෙන්න අලුත් බ්ලොග් එකත් ගෙදර ගාන්ට ඇවිත්, අර ඉස්සර තිබුන ගතිය ගිහින් තිබුනා. තිබිච්ච උනන්දුව උවමනාව බල්ලට ගිහින්...

අලුත් අදහස් එකතු කරන්න කියලා මට ආරාධනා කරපු කෙනාම තවත් අලුත් කෙනෙකුට ඒ වැඩේ බාර දෙන්න තීරණය කරලා තිබුනෙ මටත් නොකියම...

මගේම බ්ලොග් එකට නැවත යන්නත් බැරි නිසා...
අලුතෙන්ම බ්ලොග් එකක් ගොඩනගන්නත් කල් නැති නිසා...
වෙන බ්ලොග් වල ඇරයුම් බාර ගන්නත් හිතක් නැති නිසා...
අවලංගු කාසියක් සේ බ්ලොග් කියව කියවා ඉතිරි කාලය ගෙවීමට තීරණය කලෙමි...

...I am now sold!



In my heart my very heart,
I wish I was something you call is gold,
Something you treasure long,
Till the day you go bald...
Everyday turns out cold,
With a mighty try; not so bold...

Of us very us & ourselves,
Even if you grow to be or not to be fond,
As long as this life decides to fold,
Forever now, together I hold,
Sorrow, laughter or whichever found,
With a cheery smile ever so told...

Because to the world, I am now sold!


When you were gone..

When you were gone ...
FRIENDS Remind me,
The meaning of word "FRIENDSHIP" again,

still in love with you...

But your smile still makes my heart sing
Another sad song
I can't forget it, won't regret it
'Cuz I'm still in love with you

You know how much these words touched my heart...
our lifetime, we are moving from one relationship to another.
Sharing and spending months or sometimes years of our lives with different people who we fell in love with.

Jealousy

Literary.. Jealousy defined as
a person's fears and anxieties around attention that they perceive is being given to or by someone else who is important to them. 
yes, I can give one common example.. one woman might experience jealousy at the sight of her husband or boyfriend dancing with another woman. That's Jealousy... :)

LOVE <3

feel it ,
as you feel it..