රෝස දෙතොල් තද කර සොඳුරියක් හරි පාලුවෙන් සිටී...
මුලු ලොවම පෙම් කරයි, දැකුමෙන් යෝජනා ගෙනෙයි...
එහෙත් සොඳුරියේ ඔබ නිහඬව කවුරුන් හෝ එන මග බලන්...
හේතුවක් ඇති නමුත් කවුරුත් අහන්නට බයෙන්...
ඇය දැක අවුරුද්දක් ගෙවීලත් ගිහින්...
සරසවියේ බොහෝ දෙනෙක් ජෝඩු වී ඉතින්...
තාමත් ඇය නිහඬව මග බලන්ය පුරුදු ඇති ලෙසින්...
හේතුවක් ඇති නමුත් කවුරුත් අහන්නට බයෙන්...
මගේ පුංචි කඩය ඇය යන එන තැන නිසා හැම උදෙන්...
ඇය මා හා හිනා උනේ හරියට යාලුවෝ ලෙසින්...
දවසක් ඈ සමු ගත්තේ, සරසවිය නිම උනෙන්...
සිනහ වෙවී මම උන්නේ යලි කවදා හෝ දකින අරමුණෙන්...
කාලයත් ගිහින්, මගෙ හිතින් සොඳුරිය අරගෙනත් ගිහින්...
මගේ පොඩි කඩෙත් දැන් සෑහෙන දියුණු වී ගිහින්...
සරසවියේ අලුත් මුහුණු දහසක් අතරින්...
මගෙ, ලොවම කැළඹුනේ හදිසියේ සොඳුරිය දැකුමෙන්...
දිව්‍ය ලොවට මා කැඳවන ඇගේ නෙතු කැලුම්...
තාමත් නිහඬව ඇත කවුරුන් හෝ එන මග බලන්...
කාගෙ මග බලන්ද නොඅසා ඉන්නට බැරිම තැන ඉතින්...
සොඳුරියගෙන් මා ප්‍රශ්න කලේ වීරයෙකු ලෙසින්...
සරසවියේ ඈ ගැන සිතු හැම සිත් අතරෙන්...
ඈ සිට ඇත්තේ මා ගැනම මග බලන්...
හීනයකින් වත් නොසිතූ ලෙස දුන්නු උත්තරෙන්...
අහපු මමද, කියපු ඇයද ලොකුම, මෝඩ කම කලේ...